"ළඟපාත අපි" 8 SERIES Due to the need to conduct all welfare activities and future functions of the “Langapatha Api” 8 SERIES WhatsApp group in an orderly and precise manner, the necessity of a clear constitution has arisen.
Accordingly, a suitable constitution comprising 11 articles, 40 sections, and 4 subsections was formulated by me, Rashmi Dilhan Kulasuriya, after considering all suggestions and opinions of the members, and was released to the group on June 23, 2025.
1. Name
The name shall be "ළඟපාත අපි" 8 SERIES.
2. Group Composition
The group consists of 37 members who are serving or retired dental branch officers of the Sri Lanka Navy, with service numbers ranging from 85348 to 89802.
3. Group Formation
a. Creation of the WhatsApp group by Dhanushka Bandara Gunarathna.
b. Proposal of a suitable name for the group by Wijitha Sanjeewa Bandara.
c. Creation of a suitable motto for the group by Yasitha Gayan Gunawardana.
d. Creation of a suitable letterhead for the group by Rashmi Dilhan Kulasuriya.
4. Inception of the Group
The group was established on September 2, 2024, by Dhanushka Bandara Gunarathna on WhatsApp social media platform.
5. Group Operations
a. All members shall be considered active and are expected to contribute actively.
b. The most senior member (in naval service) shall act as President.
c. TThe group shall include Vice President, Secretary, Assistant Secretary, and Treasurer, with 6 zones (based on official number order) each nominating one representative to form the Executive Committee.
d. Each zone representative must coordinate their team’s affairs directly with the group.
e. If new office bearers are to be appointed, it shall be done via open discussion; appointments are not time-bound.
6. Group Welfare Activities
a. An annual family get-together or leisure trip shall be organized, funded only by participating members and families. The group anniversary (Sept 2) will be used as the base date for planning. If it falls on a weekday, the following weekend will be used.
b. Death benefits:
i. Death of a member: Rs. 100,000.00
ii. Death of member’s spouse or child: Rs. 75,000.00
iii. Death of member’s or spouse’s parent: Rs. 50,000.00
iv. If multiple family deaths occur on the same day:
Member + Spouse: Rs. 150,000.00
Member + Children: Rs. 150,000.00
Spouse + Children: Rs. 125,000.00
Both Parents: Rs. 75,000.00
Member + Both Parents: Rs. 125,000.00
Spouse + Both Parents: Rs. 100,000.00
Children + Both Parents: Rs. 100,000.00
(These amounts will be equally divided and collected from all active members, excluding the beneficiary. However, if the group fund exceeds Rs. 300,000.00, no such collection will be made.)
c. In case of emergencies or disasters, appropriate relief will be provided depending on the nature of the incident.
7. Conduct During Funerals
a. Maximum participation is expected. A minimum of 6 members must attend.
b. Members must attend with the group banner.
c. Members must not consume alcohol or disturb others at the event. Respect toward the deceased should be maintained.
d. If rule 'c' is violated, a fine of Rs. 5,000.00 will be imposed on the member(s).
e. The concerned person must inform the Secretary of the death.
f. All members must attend in the event of the death of a group member.
8. Beneficiaries
a. Beneficiaries include the member's spouse, children, and both sets of parents.
b. All members must fill out the beneficiaries' report on the website. If family members change, the form must be updated and the Secretary informed.
9. Financial Matters
a. Financial responsibilities lie with the Treasurer and President.
b. Each zone rep will collect membership fees from their team and submit them to the Treasurer.
c. Annual membership fee is Rs. 6,000.00. Payment can be:
In full before December 31
In two installments: Rs. 1,000.00 every 2 months
Half-yearly: before June 30 and December 31
d. Funds must never be used for personal use or loaned to any individual.
e. A financial report must be presented annually on September 2, signed by both the Treasurer and President.
f. Accounts may be audited anytime.
g. Group funds must always be kept in bank accounts, not personally held.
h. On resignation or removal, membership fees are non-refundable.
10. Termination of Membership
a. Death.
b. Failure to pay the full Rs. 6,000.00 by December 31 each year.
c. Proven defamation, criticism, or complaints against group or members.
11. General Rules
a. Members must act respectfully and cordially. Seniority or rank should not influence casual group conversations, but must be respected in formal settings.
b. Members may hold one or multiple official roles.
c. Members are free to present ideas and suggestions openly.
d. If any appointed official is not performing adequately or someone more suitable is identified, that person may be proposed and appointed.
e. A new applicant can become a member after paying the joining fee, which includes a share of the expenses borne to date (can be paid in three phases).
f. Group matters must not be shared outside the group or discussed with outsiders.
g. The right to maintain membership lies solely with the individual.
h. Members failing to pay the Rs. 6,000.00 annual fee by Dec 31 will lose membership but may rejoin within the first 3 months of the new year by paying arrears + Rs. 2,000.00 fine. This option is only valid for up to three occasions.
i. Members must not be absent from more than 3 group or public events in a row.
“ළඟපාත අපි” 8 SERIES WhatsApp සමූහයේ සුභසාධන කටයුතු සහ ඉදිරි යහපැවැත්ම වෙනුවෙන්ද, සිදු කරන්නා වූ සියලුම ක්‍රියාකාරකම් ක්රමාණුකූලව සහ නිරවුල්ව සිදුකරගෙන යාම සඳහාද පැහැදිලි ව්‍යවස්ථා මාලාවක අවශ්‍යතාවය පැන නැගුණි.
එබැවින්, සුදුසු ව්‍යවස්ථාවක් වගන්ති 11 කින් සහ අනු කොටස් 41, උප අනු කොටස් 04 කින්ද සමන්විතව සියලු සාමාජිකයන්ගේ අදහස් හා යෝජනා සලකා බැලීමෙන් අනතුරුව 2025 ජූනි මස 15 වන දින Rashmi Dilhan Kulasuriya වන මා විසින් සකස් කොට සමූහය වෙත මුදාහරින ලදී.
1. නාමය
“ළඟපාත අපි” 8 SERIES නම් වෙයි.
2. සමූහයේ ව්‍යාප්තිය
නිල අංක 85348 සිට 89802 දක්වා වූ ශ්‍රී ලංකා නාවික හමුදා දන්ත වෛද්‍ය අංශයේ සේවයේ නියුතු සහ සේවයෙන් ඉවත්ව ගිය සහෝදරයන් 37 දෙනෙකුගේ එකතුවකි.
3. සමූහයේ සැකැස්ම
අ. WhatsApp තුළ සමූහයක් නිර්මාණය කිරීම. Dhanushka Bandara Gunarathna.
ආ. සමූහය සඳහා සුදුසු නාමයක් යෝජනා කිරීම. Wijitha Sanjeewa Bandara.
ඇ. සමූහයට සුදුසු සංකේත ලාංඡනයක් නිර්මාණය කිරීම. Yasitha Gayan Gunawardana.
ඈ. සමූහයට සුදුසු ලිපි ශීර්ෂයක් නිර්මාණය කිරීම. Rashmi Dilhan Kulasuriya.
4. සමූහයේ ආරම්භය.
Dhanushka Bandara Gunarathna විසින් 2024 සැප්තැම්බර් මස 02 වන දින WhatsApp සමාජ මාධ්‍යය ඡාලය තුල නිර්මාණය කරන ලදී.
5. සමූහයේ ක්‍රියාකාරීත්වය
අ. සමූහයේ සියලුම දෙනා ක්‍රියාකාරී සාමාජිකයන් සේ සලකනු ලබන අතර, සියලු දෙනා ක්‍රියාකාරී දායකත්වය ලබා දිය යුතුය.
ආ. නාවික හමුදාවට බැඳීමේ ක්‍රියාවලියේ ජ්‍යෙෂ්ඨතමයා, ඡ්‍යෙෂ්ඨතම සාමාඡිකයා වන අතර, ඔහු සභාපති වශයෙන් කටයුතු කෙරේ.
ඇ. සමූහය සඳහා උප සභාපති, ලේකම්, උප ලේකම්, භාණ්ඩාගාරික ලෙසද, සමූහය නිල අංක අනුව පෙල ගැස්වූ විට ඉහළ සිට පහළට කොටස් 06 කට බෙදා එක් කොටසකින් එක් පුද්ගලයෙකු වශයෙන් කාරක සභිකයෙකු පත් කෙරේ.
ඈ. කාරක සභිකයා විසින් සමූහයේ ක්‍රියාකාරකම් තුල තම කණ්ඩායමේ සම්බන්ධීකරණය සමූහය වෙත සෘජුවම ලබා දිය යුතුය.
ඉ. නව නිලයන් පත් කරන්නේ නම් සියලු දෙනා කථිකා කොට එය සිදු කළ හැකිය. නිශ්චිත කාල රාමුවක් සඳහා නිලයන් පත් කිරීමට අදහස් නොකෙරේ.
6. සමූහයේ සුභසාධන ක්‍රියාවලිය
අ. වසරකට එක් වරක් පවුල් සුහද හමුවක් හෝ විනෝද චාරිකාවක් සංවිධානය කිරීම. (මේ සඳහා දායකත්වය දක්වනු ලබන්නේ සහභාගි වන පවුල් සහ සාමාජිකයන් පමණි. පොදු මුදල් යෙදවීමක් සිදු නොවේ) මෙහිදී සංවත්සරික දිනය මේ සඳහා යොදා ගනු ලබන අතර, එම දිනය සතියේ වැඩ කරන දිනයක් නම්, එම දිනයට පසුව එළඹෙන සති අන්ත දින දෙක ඒ සඳහා යොදාගනු ලැබේ. සංවත්සර දිනය ලෙස සමූහය ආරම්භ කළ දිනය වන සැප්තැම්බර් මස 02 වන දින යොදා ගැනේ.
ආ. මරණාධාර ලබාදීම.
a. සාමාජිකයාගේ අභාවයකදී රු.100,000.00 ක මුදලක් ලබා දීම.
b. සාමාජිකයාගේ බිරිඳගේ හෝ දරුවකුගේ අභාවයකදී රු.75,000.00 ක මුදලක් ලබාදීම.
c. සාමාජිකයාගේ හෝ කාලාත්‍රයාගේ, මවගේ හෝ පියාගේ අභාවයකදී රු.50,000.00 ක මුදලක් ලබාදීම.
d. එක් දිනයකදී එකම පවුලේ කිහිපදෙනෙකුගේ අභාවයන් කීපයක් සිදුවී නම්, පහත ආකාරයට ගෙවීම් සිදු කරනු ලැබේ.
සාමාජිකයා සමග බිරිද - රු. 150,000.00
සාමාජිකයා සමග දරුවන් - රු. 150,000.00
බිරිද සමග දරුවන් - රු. 125,000.00
දෙමාපියන් දෙදෙනෙකු - රු. 75,000.00
සාමාජිකයා සමග දෙමාපියන් - රු. 125,000.00
බිරිද සමග දෙමාපියන් - රු. 100,000.00
දරුවන් සමග දෙමාපියන් - රු. 100,000.00
(ඉහතින් දක්වා ඇති කුමන ආකාරයකට හෝ මරණාධාර ගෙවීමක් සිදුකලද, එම ගෙවීමට අදාල මුදල, එදිනට සමූහයේ සිටින සාමාජිකයන්ගෙන් (ප්‍රථිලාභියා හැර) සමාන කොටස් වලින් අයකර ගනු ලැබේ. එසේ වුවද, සමූහය සතු අරමුදලෙහි රු.300,000.00 වඩා මුදලක් පවතී නම්, ඉහත ආකාරයෙන් අයකර ගැනීමක් සිදු නොකෙරේ)
ඇ. හදිසි අනතුරකදී හෝ ආපදාවකදී සහයෝගය ලබාදීම, මෙය මුහුණ දෙන අවස්ථාවේ ස්වභාවය මත තීරණය කර සහනදායි කටයුතු සිදු කරනු ලැබේ.
7. අවමංගල්‍යකදී ක්‍රියාකළ යුතු ආකාරය.
අ. අභාවයකදී සාමාජිකයන් තම උපරිම සහභාගිත්වය ලබා දිය යුතුය. අවම සහභාගිත්වය සාමාඡිකයන් 06 කි.
ආ. සහභාගි වන පුද්ගලයන් සමූහයේ අවමංගල්‍ය අවස්ථාවලදී ලබා දෙන බැනරයද සමග සහභාගි විය යුතුය.
ඇ. අවමංගල්‍ය අවස්ථාව සඳහා සහභාගි වන පුද්ගලයන් මත්පැන් පානය කිරීම, අවමංගල්‍ය උත්සවයේ වැඩකටයුතු වලට හා එහි සිටින වෙනත් කිසිවකුගේ වැඩකටයුතු වලට බාධාවක් නොවිය යුතු අතර, තවද සාමාජිකයාගේ ගෞරවය රැකෙන පරිදි ක්‍රියා කල යුතුය.
ඈ. ඉහත ‘ඇ’ වගන්තිය කඩ කරනු ලබන අවස්ථාවන් වලදී, එම සාමාජිකයන්ගෙන් රු.5,000.00 බැගින් වූ දඩ මුදලක් අය කරනු ලැබේ.
ඉ. අවමංගල්‍යක් සිදුවූ විට ලේකම් තුමා වෙත එම පුද්ගලයා විසින් දැනුම් දිය යුතුය.
ඊ. සාමාජිකයාගේ මරණයකදී සියලු සාමාජිකයන් සහභාගි විය යුතුය.
8. යැපෙන්නන්.
අ. යැපෙන්නන් ලෙස සලකනු ලබන්නේ බිරිඳ, දරුවන්, සාමාජිකයාගේ සහ බිරිඳගේ දෙමව්පියන්ය.
ආ. සියලුම සාමාජිකයන් වෙබ් අඩවියෙහි තම යැපීම් වාර්තාව පිරවිය යුතුය. නව සාමාජිකයන් පවුලට එකතු වුවහොත් ඒ බව ලේකම් වෙත දැනුම් දීමෙන් අනතුරුව වෙබ් අඩවියෙහි ඇති යැපීම් වාර්ථා පෝරමය නැවත පිරවිය යුතුය.
9. මුදල් පිලිබඳ කටයුතු.
අ. මුදල් පිළිබඳ වගකීම භාණ්ඩාගාරික සහ සභාපති විසින් දැරිය යුතුය.
ආ. සාමාජික මුදල් කාරක සභිකයා විසින් තම කණ්ඩායමේ සාමාජිකයන්ගෙන් එක් කර භාණ්ඩාගාරික වෙත ලබා දිය යුතුය.
ඇ. සාමාජික මුදල වර්ෂයකට රු.6,000.00 කි. එය එකවර හෝ මාස දෙකකට රු.1,000.00 බැගින් ලබා දිය යුතුය. එක්වර ලබා දෙන්නේ නම් සෑම වසරකම දෙසැම්බර් මස 31 වන දිනට ප්‍රථමව ද, දෙවරකදී ලබා දෙන්නේ නම් පළමු වාරිකය ජූනි 30 වන දිනට ප්‍රථමව හා දෙවන වාරිකය දෙසැම්බර් මස 31 වන දිනට ප්‍රථමද, මාස දෙකකට වරක් ලබා දෙන්නේ නම් ඉරට්ටේ මාසයන්හි අවසන් දිනට ප්‍රථමවද ලබා දිය යුතුයි.
ඈ. කිසිදු අවස්ථාවක සමූහය තුළ එක්රැස් වන මුදල් තම පෞද්ගලික පරිහරණයට හෝ සමූහය තුළ හෝ ඉන් පිටත කිසිදු පුද්ගලයකුට ණයට දීමක් හෝ සිදු නොකිරීමට භාණ්ඩාගාරික කටයුතු කල යුතුය.
ඉ. සෑම වසරකදීම සැප්තැම්බර් 02 වන දින ගිණුම් වාර්ථාවක් භාණ්ඩාගාරික විසින් සමූහය තුළ ප්‍රදර්ශනය කළ යුතු අතර, එය සභාපතිගේ අධීක්ෂණයට භාඡනය විය යුතු අතර, එය දෙදෙනාගේම අත්සන් වලින් ද යුතු වාර්තාවක් විය යුතුය.
ඊ. ගිණුම ඕනෑම අවස්ථාවක පරීක්ෂණයට භාජනය කළ හැකිය.
උ. සමූහයේ මුදල් කිසිදු විටෙක තම සන්තකයේ තබා නොගෙන ගිණුම්ගත කොට පවත්වාගෙන යා යුතුය.
ඌ. සාමාජිකත්වය අහෝසි වීමකදී හෝ හැරයාමකදී ඔහු විසින් ලබා දී ඇති සාමාජික මුදල් නැවත ලබා දීමක් සිදු නොකෙරේ.
10. සාමාඡිකත්වය අහෝසි වීම.
අ. මිය යෑම.
ආ. සාමාඡික මුදල් ගෙවීම පැහැර හැරීම. (සෑම වසරකම දෙසැම්බර් මස 31 වන දිනට සාමාජිකත්ව මුදල වන රු.6,000.00 ක මුදල ගෙවා අවසන් කල යුතුය)
ඇ. සමූහයේ නිලධාරි මණ්ඩලය, සාමාඡිකයන් හෝ සමූහය පිළිබදව තැනින් තැන විවේචනය කිරීම සහ දොස් පැවරීමක් සිදු කර ඇති බව තහවුරු වූ විට.
11. පොදු නියමයන්.
අ. සමූහය තුළ සාමාජිකයන් සුහදශීලීව කටයුතු කරගෙන යා යුතුය. තරාතිරම් හෝ ඡ්යෙෂ්ඨතාවය නොසලකා එකිනෙකාගේ නාමයෙන් භාවිතා කර කතාබහ කළ හැකි අතර, රාජකාරි අවස්ථාවන්හිදී ඊට ගැළපෙන අයුරින් ක්‍රියා කළ යුතුය.
ආ. ඕනෑම සාමාඡිකයෙකුට නිලයන් එකක් හෝ කිහිපයක් දැරිය හැකිය.
ඇ. සමූහය තුල සිටින සාමාජිකයන් හට සමූහය තුළදී විවෘතව තම අදහස් හා යෝජනා ඉදිරිපත් කළ හැකිය.
ඈ. ඕනෑම අවස්ථාවක පත්කරන ලද නිලයන්ට නොගැලපෙන අයුරින් ක්‍රියා කරන හෝ ඒ සඳහා වෙනත් සුදුසු පුද්ගලයෙකු සිටී නම්, එම පුද්ගලයා යෝඡනා කිරීමෙන් පසු පත් කර ගත හැකිය.
ඉ. නව සාමාජිකයකු සමූහයේ සාමාජිකත්වය ලබා ගැනීමට අයදුම් කළහොත් සමූහයේ සාමාඡිකයන් විසින් මේ වනතෙක් වියදම් දරා ඇති මුදල ඇතුළත් වීමේ ගාස්තුව සේ සලකා එම මුදල ගෙවීමෙන් අනතුරුව සාමාජිකත්වය ලබා ගත හැක. (සාමාඡික මුදලේ ප්‍රමාණය මත අදියර තුනකින් ගෙවීම සිදු කල හැකිය)
ඊ. කිසිදු අවස්ථාවක සමූහය තුළ සාකච්ඡාවට භාජනය වන දෑ හෝ තොරතුරු, සමූහයෙන් පිටස්තර පුද්ගලයන් අතර බෙදා හැරීම හෝ එක්ව වෙනත් පාර්ශවයන් සමඟ සමූහය පිළිබඳව කතිකාවන් ඇති කර ගැනීම තහනම් වේ.
උ. සාමාජිකත්වය නඩත්තු කිරීමේ අයිතිය සාමාජිකයාට පමණි.
ඌ. සෑම වසරකම දෙසැම්බර් මස 31 වන දිනට සාමාජිකත්ව මුදල් ගෙවීමට අපොහොසත් වන සාමාජිකයන්ගේ සාමාජිකත්වය අහෝසි වූ විට හිඟ මුදල් සහ රු.2,000.00 ක දඩ මුදල ආරම්භක වර්ෂයේ මුල් මාස 03 ඇතුලත ගෙවීමෙන් අනතුරුව නැවත සාමාඡිකත්වය ලබා ගැනීම වාර තුනක් සඳහා පමණක් බලපැවැත්වේ.
එ. සමූහයේ සාමාජිකයන් එක්වන හෝ පොදු අවස්ථාවන්, එකවර අවස්ථා 03 කට වඩා සහභාගි නොවී සිටීමෙන් වැළකිය යුතුය.